Education Development Division අධ්‍යාපන සංවර්ධන අංශය
අධ්‍යාපන සංවර්ධන අංශයේ කාර්යභාරය
අධ්‍යාපන ප්‍රතිපත්ති සහ නියමිත විෂයමාලාව ක්‍රමවත්ව හා සුමටව ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම සහ වගවීම දැරීම.
අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධන රාමුව සහ වැඩසටහනට අදාළ වාර්ෂික, මධ්‍යකාලීන සහ පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම.
අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය සහ නියාමනය කිරීම.
පාසල්වල සහ-විෂය සහ විෂය සමගාමී කටයුතු සංවිධානය කිරීම සහ මඟපෙන්වීම.
විෂයමාලා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සහ ක්‍රියාත්මක කිරීම.
විෂය අධ්යක්ෂවරුන්, සේවාස්ථ ගුරු උපදේශකවරුන් සහ ව්‍යාපෘති නිලධාරීන්ගේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම.
පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප්‍රතිපාදන සහ ගුණාත්මක යෙදවුම් පරිහරණය කිරීම පිළිබඳව විෂය අධ්යක්ෂවරුන් මාර්ගයෙන් ප්‍රගතිය නියාමනය කිරීම සහ ලබා ගැනීම.
සුදුසු පරිදි විෂය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම.
සිසුන්ගේ කාර්යසාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එම විශ්ලේෂණවල සොයාගැනීම් මත පදනම්ව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අවශ්‍ය පියවර ගැනීම.
ගුරුවරුන් සඳහා වෘත්තීය සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා මඟපෙන්වීම, ඇගයීම සහ නියාමනය කිරීම.
කලාප මට්ටමින් විෂයයන්ට අදාළ තරඟ සංවිධානය කිරීම සහ පැවැත්වීම.
පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් අධ්‍යාපන ගුණාත්මක දර්ශකය ගණනය කිරීම, සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම.
පාසල් අභ්‍යන්තර ඇගයීම් ක්‍රියාවලිය නියාමනය කිරීම සහ මඟපෙන්වීම.
අධ්‍යාපන සංවර්ධන අංශයේ කටයුතු අභ්‍යන්තරව ඇගයීම, වාර්තා කිරීම සහ ප්‍රතිපෝෂණ ලබා දීම.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ විධිමත් නොවන (නොනිධි) අධ්‍යාපන කටයුතු මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම.
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ කාර්යසාධනය ඇගයීම, නියාමනය කිරීම සහ පසු විපරම් කිරීම.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙනුවෙන් උපහාර පිදීමේ/ඇගයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
අධ්‍යාපනික පර්යේෂණ සිදු කිරීම සහ එම පර්යේෂණවල සොයාගැනීම් මත පදනම්ව ව්‍යාපෘති යෝජනා සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
පෙරපාසල්වලට අදාළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීම.
කලාප අධ්යක්ෂවරයා විසින් සුදුසු පරිදි පවරා දෙනු ලබන වෙනත් රාජකාරි.
සංවිධාන ධූරාවලිය

H.P.G.S.Palitha
Assistant Director of Education(Primary)
SLEAS Grade III
K.M.R.K.Kariyapperuma
Assistant Director of Education(Development)
SLEAS Grade III
K.K.A.C.Danapala
Divisonal Education Director(Laggala)
SLEAS Grade III
L.R.K.Jayasinghe
Assistant Director of Education(sport and nutrition)
SLTS Grade I
A.G.Weerasinghe
Divisonal Education Director(Wilgamuwa)
SLEAS Grade III
J.H.S.Jayamaha
Assistant Director of Education(IT,SIS,clean sri lanka)
SLTS Grade I
W.M.Wijesingha Banda
Assistant Director of Education(sinhala)
SLTS Grade I