066-2222XXX info@wilgamuwaeo.gov.lk
Sri Lanka Emblem

කලාප අධ්‍යාපන කාර්යාලය - විල්ගමුව

கல்விக் காரியாலயம் - வில்கமுவ

Zonal Education Office - Wilgamuwa

BREAKING UPDATES
⚠️ Urgent: Grade 1 Admission Applications 2026 are now open.
Branches & Divisions

General Administration Division සාමාන්‍ය පාලන අංශය

Responsibilities

සාමාන්‍ය පාලන අංශයේ කාර්යභාරය

01

කලාපයේ පාසල් වෙත ගුරුවරුන් අනුයුක්ත කිරීම සහ අන්තර් කලාපීය ගුරු මාරුවීම් සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂවරයා වෙත නිර්දේශ ලබා දීම.

02

ගුරු මාරු මණ්ඩල රැස්වීම් කැඳවීම, පැවැත්වීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම.

03

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සියලුම නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම.

04

කලාප කාර්යාලයේ සහ අනෙකුත් අදාළ අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලයේ රාජකාරි ලේඛන සකස් කිරීම සහ නියාමනය කිරීම.

05

ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ পෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම. (වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා දිගු, විශ්‍රාම ගැන්වීමේ ලිපිගොනු, ණය අනුමැතිය ලබා දීම, උසස්වීම් සඳහා නිර්දේශ ලබා දීම, රාජකාරි නිවාඩු, ප්‍රසූත නිවාඩු සහ විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම, වාර්ෂික වැටුප් වර්ධක ලබා දීම, සේවය ස්ථිර කිරීම, මාරුවීම්, විනය ක්‍රියාමාර්ග)

06

කාර්ය මණ්ඩල ගෙවීම්, අතිකාල දීමනා, දෛනික වැටුප්, නිවාඩු දින වැටුප්, සියලුම බිල්පත් පියවීම සහ දුම්රිය බලපත්‍ර ලබා දීම සම්බන්ධ කටයුතු.

07

අත්තිකාරම් ණය සහ අග්‍රහාර රක්ෂණ ක්‍රමවේදය සඳහා අදාළ නිර්දේශ/අනුමැතිය ලබා දීමට අදාළ කටයුතු.

08

අධ්‍යාපන කලාපය තුළ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මාරු කිරීම් සහ මුදා හැරීම්වලට අදාළ කටයුතු.

09

පිරිවෙන් සඳහා වාර්ෂික ප්‍රතිපාදන නිර්දේශ කිරීම සහ පිරිවෙන්වල සේවය කරන කාර්ය මණ්ඩලයේ ආයතනික කරුණුවලට අදාළ කටයුතු.

10

පිරිවෙන් ලියාපදිංචි කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීම සහ පිරිවෙන් සඳහා ගුරුවරුන් පත් කිරීම සඳහා වන යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම.

11

උසාවි කටයුතු, මානව හිමිකම් පැමිණිලිවලට අදාළ නීතිමය කටයුතු, මහජන පෙත්සම් කාරක සභාව, පාර්ලිමේන්තු උපදේශක කාරක සභා ආදිය මඟින් මතු කරන ප්‍රශ්න සඳහා පැහැදිලි කිරීම් ලබා දීම.

12

අභ්‍යන්තර විනය පාලනය සහ විමර්ශනවලට අදාළ කටයුතු.

13

විනය විමර්ශන සඳහා පහසුකම් සැලසීම.

14

කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

15

කාර්යාලයේ භෞතික සම්පත් නඩත්තු කිරීම සහ සංවර්ධනය කිරීම.

16

පාසල්, කොට්ඨාස හා කලාප කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන වෙත ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සැපයීමට අදාළ සියලුම කටයුතු.

17

රජයේ නිල නිවාස සහ වාහනවලට අදාළ කටයුතු.

18

සුළු මුදල් කළමනාකරණය.

19

දෛනික තැපැල් කටයුතු.

20

ලේඛනාගාරය නඩත්තු කිරීමට අදාළ කටයුතු.

21

පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදනය සහ ආයතනික ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු.

22

සාමාන්‍ය පාලන අංශයේ කටයුතු අභ්‍යන්තරව ඇගයීමට ලක් කිරීම.

23

කලාප අධ්‍යක්ෂවරයා විසින් සුදුසු පරිදි පවරා දෙනු ලබන වෙනත් රාජකාරි.

Structure

සංවිධාන ධූරාවලිය

W.P.C.U.Warnakulasooriya

Administrative officer

Administrative officer