Planning Division සැලසුම් අංශය
සැලසුම් අංශයේ කාර්යභාරය
අධ්‍යාපන ක්ෂේත්‍ර සංවර්ධන රාමුව සහ වැඩසටහනට (ESDFP) අනුකූලව කලාපයේ වාර්ෂික, මධ්‍යකාලීන සහ පස් අවුරුදු සැලසුම් සකස් කිරීම, ප්‍රගතිය සමාලෝචනය සහ නියාමනය කිරීම.
කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල වාර්ෂික, මධ්‍යකාලීන සහ පස් අවුරුදු සැලසුම් සකස් කිරීම, සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව උපදෙස් ලබා දීම.
පාසල්වල වාර්ෂික අයවැය ඇස්තමේන්තු අනුමත කිරීම.
කලාපීය ව්‍යුහගත කාරක සභාව (Zonal Structural Committee) වෙත නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීම.
කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හඳුනා ගැනීම, ගණනය කිරීම සහ එම අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය පියවර ගැනීම.
අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියට (EMIS) අදාළ දත්ත සහ තොරතුරු රැස් කිරීම, යාවත්කාලීන කිරීම, සංවිධානය කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදා හැරීම.
වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම, නියාමනය කිරීම සහ එහි ප්‍රගතිය වාර්තා කිරීම.
පාසල් දියුණු කිරීමේ වැඩසටහනට (PSI) අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
පාසල් සඳහා වන ගුණාත්මක යෙදවුම් (Quality Inputs) සහ අනෙකුත් ප්‍රතිපාදන/ආධාර පරිහරණය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ලබා දීම.
අධ්‍යාපනික පර්යේෂණ සම්බන්ධීකරණය කිරීම සහ ඒවායේ සොයාගැනීම් මත පදනම්ව ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම.
ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු පාසල්වල භෞතික අවශ්‍යතා සපුරාලීම.
අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනීම, සහ විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්බන්ධීකරණය කිරීම, නියාමනය කිරීම සහ ප්‍රගති සමාලෝචනය කිරීම.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කාරක සභා සඳහා අවශ්‍ය වාර්තා සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම.
ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් අදාළ පාර්ශවකරුවන් සම්බන්ධීකරණය කිරීම.
අදාළ විදේශ ආධාර ව්‍යාපෘති මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම.
විදුහල්පතිවරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ පැවැත්වීම.
සැලසුම් අංශයේ කටයුතු අභ්‍යන්තරව ඇගයීමට ලක් කිරීම.
කලාප අධ්‍යක්ෂවරයා විසින් සුදුසු පරිදි පවරා දෙනු ලබන වෙනත් රාජකාරි.
සංවිධාන ධූරාවලිය

R.M.N.Deepali
සංවර්ධන නිලධාරී

L.W.N.C.Pradeep
Deputy Director of Education (Finance)
SLACS Grade II
A.G.D.A.Wijethilaka
Assistant Director of Education(Planing)
SLEAS Grade III