ITDLH - Wilgamuwa තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය
"Learning Today, Leading Tomorrow"
විල්ගමුව කලාපීය තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය (ITDLH) යනු අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන, විල්ගමුව අධ්‍යාපන කලාපයේ පාසල් හැරයන දරුවන්ගේ උසස් අධ්‍යාපනය සහ අනාගත රැකියා අවස්ථා සලසා දීම සඳහාත්, ගුරුවරුන්, සිසුන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ තොරතුරු තාක්ෂණ ධාරිතාව නංවාලීම සඳහාත් කෙටිකාලීන හා දිගුකාලීන වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලා පවත්වනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනයකි.
අපගේ දැක්ම (Our Vision)
විල්ගමුව අධ්‍යාපන කලාපය තුළ ඩිජිටල් පරිවර්තනයක ගාමක බලවේගය බවට පත්වෙමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ උපරිම විභවතාවයන් මුදාහරිමින් සීමාවලින් තොර තාක්ෂණික වශයෙන් සබල ගැන්වුණු සමාජයක් බිහිකිරීම.
අපගේ මෙහෙවර (Our Mission)
සැමට ගුණාත්මක තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම, ශක්තිමත් තාක්ෂණික යටිතල පහසුකම් පවත්වා ගැනීම සහ සිසුන්, අධ්‍යාපනඥයින් මෙන්ම සමස්ත ප්‍රජාව අතර ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා විශ්වසනීය හා පිරිවැය-කාර්යක්ෂම තොරතුරු තාක්ෂණ සේවාවන් සැපයීම.
