Director's Message කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය
විවිධ අභියෝග හා බාධක හමුවේ වුවද 2025 වර්ෂයේදි විල්ගමුවේ දුවා දරුවන්ගේ අධ්‍යාපන උන්නතිය සඳහා කැපවීම් කළ, උපරිම සේවය ලබා දුන් විල්ගමුව අධ්‍යාපන කලාපයේ සියලුම විෂය අධ්යක්ෂ මහත්ම මහත්මීන්ට, සියලුම විදුහල්පති මහත්ම මහත්මීන්ට, සියලුම ගුරු උපදේශක මහත්ම මහත්මීන්ට, සම්පත්දායක මහතුන්ට සහ කලාපයේ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට මගේ ප්‍රණාමය පිරිනමමි.
එසේම විල්ගමුව කලාපයේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් හා සහායක සේවා සපයමින් අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත උපරිම සුහදශීලි සහයෝගය ලබා දුන් විල්ගමුව කලාපයේ ගණකාධිකාරිතුමා, පරිපාලන නිලධාරිතුමිය, ප්‍රධාන කළමනාකරන සේවා නිලධාරීතුමන් සහ මුදල් සහකාර තුමා ඇතුළු සියලුම කළමනාකරන සේවා නිලධාරී හා සංවර්ධන නිලධාරි මහත්ම මහත්මීන්, සියලුම ශිල්පීය නොවන සේවා ගණයන්ගේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු සියලු දෙනාගේ කැපවීම හා දායකත්වය ඉතා අගයකොට සලකමි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ෂයක් වන 2026 වර්ෂයට මුහුණ දීමට සූදානම් වන අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන මානව සම්පත් හිඟයට සාර්ථකව මුහුණ දෙමින් විල්ගමුවේ ආදරණීය දුවා දරුවන්ට සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ඇති කරමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම සඳහා නව උපායමාර්ග අනුගමනය කරමින් උපරිම කැපවීමෙන් හා වගකීමෙන් අප සියලු දෙනාගේ සේවය උපරිමයෙන් ලබා දීමට අදිටන් කර ගනිමු. ඒ සඳහා විල්ගමුව අධ්‍යාපනයේ නියැලී සිටින ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගි සුවයෙන් හා සතුටින් පිරි සුබ නව වසරක් වේවායි පතමි!
පී.ඩබ්.එන්.පී.ගුණසේකර
කලාප අධ්‍යාපන අධ්යක්ෂ
කලාප අධ්‍යාපන කාර්යාලය, විල්ගමුව.