Accounts Division ගිණුම් අංශය
ගිණුම් අංශයේ කාර්යභාරය
වාර්ෂික කෙටුම්පත් මූල්‍ය ඇස්තමේන්තු සකස් කිරීම සහ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.
අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප් ගෙවීම.
අතිකාල දීමනා, ගමන් වියදම් දීමනා සහ අනෙකුත් දීමනා ගෙවීම.
පෞද්ගලික පාසල් සහ පිරිවෙන් සඳහා ප්‍රතිපාදන/ආධාර ලබා දීම.
විවිධ වැඩසටහන් සහ වැඩමුළුවලට අදාළ ගෙවීම් කටයුතු.
ගිණුම් නඩත්තු කිරීම, පාලනය කිරීම සහ නියාමනය කිරීම.
මූල්‍ය සම්පත් කළමනාකරණය සහ පාලනය කිරීම.
ශිෂ්‍යත්ව දීමනා ගෙවීම සහ ඒ හා සබැඳි කටයුතු.
ජලය, විදුලිය, වරිපනම් බදු සහ දුරකථන බිල්පත් ගෙවීම.
භාණ්ඩ හා දේපළවලට සිදුවන හානි සහ අලාභ පිළිබඳව මුදල් රෙගුලාසි (මු.රෙ.) 104 (3) ප්‍රකාරව කටයුතු කිරීම, මූලික විමර්ශන පැවැත්වීම සහ එම සියලු හානි විසර්ජන ගිණුම හරහා වාර්තා කිරීම.
ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ කටයුතු.
පාසල්වල භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල (Board of survey) පැවැත්වීම, භාණ්ඩ ශේෂයන් සැසඳීම සහ භාවිතයෙන් ඉවත් කළ යුතු භාණ්ඩ ඉවත් කිරීම සඳහා නිර්දේශ ලබා දීම.
පාසල් ගොඩනැගිලි ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් සිදු කිරීම.
සියලුම ගෙවීම්වල මූල්‍ය ප්‍රගතිය වාර්තා කිරීම.
නිලධාරීන්ගේ අත්තිකාරම් සහ ණය මුදල් ක්‍රමවත්ව ගෙවීම හා පියවීම, පාලන ගිණුම් නඩත්තු කිරීම සහ ඒ හා සබැඳි කටයුතු.
වාර්ෂික අවසාන ගිණුම් සකස් කිරීම සහ පියවීම.
පොදු තැන්පතු ගිණුම් සැසඳීම සහ පාලන ගිණුම් නඩත්තු කිරීම.
පාසල් සහ අධ්‍යාපන ආයතනවල යාවත්කාලීන කරන ලද ගිණුම් වාර්තා ලබා ගැනීම සහ අධීක්ෂණය කිරීම.
කාර්යාලය සහ පාසල් තුළ මූල්‍ය විනය හා විනිවිදභාවය පවත්වා ගැනීම සහ විගණන දෝෂ අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.
විශ්‍රාම යාමේදී දෙනු ලබන පාරිතෝෂික දීමනා (Gratuity) ගෙවීම.
බැංකු ගිණුම් නඩත්තු කිරීම සහ මාසික බැංකු සැසඳුම් ප්‍රකාශ සකස් කිරීමට අදාළ කටයුතු.
ගබඩා සහ තොග පාලනයට අදාළ කටයුතු.
සම්පත් කළමනාකරණයේදී සිදුවන අක්‍රමිකතා සහ වංචා වාර්තා කිරීම සහ ඒවාට අදාළව විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම.
मुදල් අංශයේ කටයුතු අභ්‍යන්තරව ඇගයීමට ලක් කිරීම.
කලාප අධ්යක්ෂවරයා විසින් සුදුසු පරිදි පවරා දෙනු ලබන වෙනත් රාජකාරි.
සංවිධාන ධූරාවලිය
No organizational tree profiles found for this division selection.