066-2222XXX info@wilgamuwaeo.gov.lk
Sri Lanka Emblem

කලාප අධ්‍යාපන කාර්යාලය - විල්ගමුව

கல்விக் காரியாலயம் - வில்கமுவ

Zonal Education Office - Wilgamuwa

BREAKING UPDATES
⚠️ Urgent: Grade 1 Admission Applications 2026 are now open.
Zonal Education Office

About Our Zone විල්ගමුව අධ්‍යාපන කලාපය පිළිබඳව

අපගේ දැක්ම (Our Vision)

නිපුනතා පූර්ණ පෞරුෂයෙන් යුත් දරුවන් බිහිකරන පාසල් පද්ධතියක්.

අපගේ මෙහෙවර (Our Mission)

ඵලදායි හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් හා සේවා සපයමින්, විල්ගමුව කලාපයේ සියලු පාසල් බලගැන්වීම හා දිශානුගත කිරීම.

කලාපීය සිතියම (Zonal Map)

Wilgamuwa & Laggala Division Zonal GIS Outline Map
විල්ගමුව සහ ලග්ගල කොට්ඨාස සිතියම
Wilgamuwa Zonal Education Office Building

අපගේ ඉතිහාසය හා පසුබිම

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන විල්ගමුව අධ්‍යාපන කලාපය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ග්‍රාමීය හා සංවර්ධනය වෙමින් පවතින කලාපයකි. පාසල් පද්ධතියේ සහ සමස්ත ප්‍රජාවගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් වඩාත් පහසුවෙන්, කාර්යක්ෂමව මෙන්ම විධිමත්ව කළමනාකරණය කිරීම සහ පරිපාලනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මත පදනම්ව මෙම පූර්ණ බලැති කලාප අධ්‍යාපන කාර්යාලය ස්ථාපිත කරන ලදී.

විල්ගමුව අධ්‍යාපන කලාපය ප්‍රධාන කොට්ඨාස (Divisions) දෙකකින් සමන්විත වේ. ඒ, විල්ගමුව කොට්ඨාසය (Wilgamuwa Division) සහ ලග්ගල කොට්ඨාසය (Laggala Division) වේ. ආරම්භයේ පටන් කලාපය සතු භෞතික හා මානව සම්පත් උපරිම ඵලදායිතාවයකින් යුතුව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා යෙදවීමට කලාප කාර්යාලය නිරන්තරයෙන්ම වගබලා ගෙන ඇත.

වර්තමානය වන විට මෙම අධ්‍යාපන කලාපය තුළ ਰජයේ සමස්ත ජාතික හා පළාත් පාසල් මෙන්ම බෞද්ධ ශාසනික අධ්‍යාපනය පෝෂණය කරන පිරිවෙන් ආයතන ද සාර්ථකව ක්‍රියාත්මක වේ. ග්‍රාමීය අභියෝග, දේශගුණික බාධක මෙන්ම මානව සම්පත් ඌනතාවයන්ට සාර්ථකව මුහුණ දෙමින්, කලාපයේ දුවා දරුවන්ට සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ලබා දීමටත්, ජාතික මට්ටමේ අධ්‍යාපන ඉලක්ක සපුරාගැනීමටත් විල්ගමුව කලාප අධ්‍යාපන කාර්යාලය දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

අපගේ ප්‍රධාන අරමුණු (Our Objectives)

කලාපයේ සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය පොදු ජාතික අධ්‍යාපන ඉලක්ක සහ පොදු නිපුනතාවයන් සපුරාගත හැකි වන පරිදි විධිමත්ව මෙහෙයවීම.

ඉගෙනුම්, ඉගැන්වීම් මෙන්ම ඇගයීම් ක්‍රියාවලීන් නිසි පරිදි නියාමනය කරමින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අඛණ්ඩව ඉහළ නැංවීම.

කලාපය සතු සියලුම භෞතික හා මානව සම්පත් උපරිම ඵලදායිතාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා යෙදවීම.

කලාපයේ දුවා දරුවන්ට වඩාත් සම සාධාරණ (Equitable) සහ ගුණාත්මක අධ්‍යාපන අවස්ථාවන් කලාපය පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීම.

අවිධිමත් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින්, ප්‍රජාවගේ වෘත්තීය පුහුණු අවස්ථා සහ ජීවනෝපාය කුසලතා සංවර්ධනය කිරීමට සහාය වීම.

කලාපයේ සියලුම අධ්‍යයන (Academic) සහ අනධ්‍යයන (Non-Academic) කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වෘත්තීය ධාරිතාව අඛණ්ඩව සංවර්ධනය කිරීම.

සිසුන්, ගුරුවරුන් මෙන්ම සමස්ත අධ්‍යයන හා අනධ්‍යයන ශ්‍රම බලකායේ සුබසාධන පහසුකම් සහ වෘත්තීය තෘප්තිමත්භාවය පුළුල් කිරීම.

ගුරු-විදුහල්පති වෘත්තීය සංවර්ධනය (Professional Development) සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස්, මාර්ගෝපදේශ සහ නායකත්වය සැපයීම.